Tuesday, March 25, 2014

වැලි කතරේ කුමාරි [WALI KATHARE KUMARI]


විදර්ශන ප්‍රකාශනයක්.

'අසූව දශකයේ අග භාගයේ දී වූ සිද්ධියක් සිහි ගැන්වීමි. ගෘහ සේවිකාවන් සේ සෞදි අරාබියට ගෙන්වන පිලිපීනු තරුණියන් ධනවත් සෞදි අරාබීහු බලහත්කාරයෙන් ලිංගික වහලියන් සේ අපචාරයට යොදා ගනිති. මේ අසාධාරණයෙන් පිලිපීනු කාන්තාවන් ගලවාා ගැනීමට සිතූ කෝරි අකිනෝ ජනාධිපතිනිය මැද පෙරදිග සේවය සඳහා කාන්තාවන් යැවීම තහනම් කළාය.
මේ තහනම් නියෝගයෙන් අපගේ ෆාඩ් රජතුමා කෝපයට පත්විය. මේ තහනම ඉවත් නොකරන්නේ නම් පිලිපීනු පුරුෂ පක්ෂයට ද සෞදි අරාබියාවේ රැකියා නොලැබෙන බව රජතුමා අකිනෝ ජනාධිපතිනියට දැන්වීය. මැද පෙරදිග තෙල් නිධි ඇති රටවල සේවය කරමින් සිය පවුල් රක්ෂා කළ බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය මේ තහනමෙන් බිඳ වැටේ. පිලිපීනයේ ප්‍රධාන ජාතික ආදායම වූයේ ද මේ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමයයි. කාන්තාවන් රැක ගැනීමට අකිනෝ මැතිනිය ගත් නිර්භීත ප්‍රයත්නය මෙයින් බිඳී ගියේය. තහනම ඉවත් විණි. අද ද ගෘහ සේවිකාවන් ගෘහ සේවයට අමතරව මිනිසුන්ගේ ලිංගික සන්තර්පණය සඳහා යොදවා ගනු ලබයි.'

උපුටා ගැනීම - facebook

No comments:

Post a Comment