Tuesday, March 25, 2014

වැලි කතරේ කුමාරි [WALI KATHARE KUMARI]


විදර්ශන ප්‍රකාශනයක්.

'අසූව දශකයේ අග භාගයේ දී වූ සිද්ධියක් සිහි ගැන්වීමි. ගෘහ සේවිකාවන් සේ සෞදි අරාබියට ගෙන්වන පිලිපීනු තරුණියන් ධනවත් සෞදි අරාබීහු බලහත්කාරයෙන් ලිංගික වහලියන් සේ අපචාරයට යොදා ගනිති. මේ අසාධාරණයෙන් පිලිපීනු කාන්තාවන් ගලවාා ගැනීමට සිතූ කෝරි අකිනෝ ජනාධිපතිනිය මැද පෙරදිග සේවය සඳහා කාන්තාවන් යැවීම තහනම් කළාය.
මේ තහනම් නියෝගයෙන් අපගේ ෆාඩ් රජතුමා කෝපයට පත්විය. මේ තහනම ඉවත් නොකරන්නේ නම් පිලිපීනු පුරුෂ පක්ෂයට ද සෞදි අරාබියාවේ රැකියා නොලැබෙන බව රජතුමා අකිනෝ ජනාධිපතිනියට දැන්වීය. මැද පෙරදිග තෙල් නිධි ඇති රටවල සේවය කරමින් සිය පවුල් රක්ෂා කළ බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය මේ තහනමෙන් බිඳ වැටේ. පිලිපීනයේ ප්‍රධාන ජාතික ආදායම වූයේ ද මේ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමයයි. කාන්තාවන් රැක ගැනීමට අකිනෝ මැතිනිය ගත් නිර්භීත ප්‍රයත්නය මෙයින් බිඳී ගියේය. තහනම ඉවත් විණි. අද ද ගෘහ සේවිකාවන් ගෘහ සේවයට අමතරව මිනිසුන්ගේ ලිංගික සන්තර්පණය සඳහා යොදවා ගනු ලබයි.'

උපුටා ගැනීම - facebook

නිශ්චල චංචල දේපල [NISCHALA CHANCHALA DEPALA]

ග්‍රන්ථ නාමය - නිශ්චල චංචල දේපල
ලේඛකයා - චන්දන මෙන්ඩිස්
පිටු -  360
ISBN - 978-955-1262-12-9
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.

පේරාදෙණිය සරසවියේ වෛද්‍යය පීඨයට තේරී පත්වන ලලිත්ට සකුන්තලා නම් වූ ගැහැනු ළමයෙක් හමු වෙයි. කලක් ගත වන විට ඔවුන් පෙම්වතුන් බවට පත් වේ. මේ අතර ලලිත්ට හා සකුන්තලාට සිය නිවෙස් වල සිදුවන්නා වූ විවිධ හල හැප්පිම් වලට මුහුණ දෙන්නට සිදු වේ. ඉගෙනීමේ කටයුතු ත් ගෙදර ප්‍රශ්නත් ඔවුන්ගේ කර මත පැටවේ.

 මේ සියල්ල මැදිකොටගෙන තම ආදර කතාව ගලාගෙන යයි.

මොවුන්ගේ ආදර සම්බන්ධයට කණ කොකා හඬන්නේ ලලිත් ට කොළඹ රස්සාව ලැබීමත් සමඟ ය.

මෙතැන් පසු මෙම ආදර සම්බන්ධයට කුමක් සිඳු වේ ද ? ලලිත්ට හා සකුන්තලාට කවදා හෝ එක්වීමට ලැබේ ද ?  යන ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍ය නම් මෙම කෘතිය කියවා රසවිඳින්න.

බොළඳ ආදර කතා මාවතින් අපගමනය වූ වෙනස්ම ආරක ගිය ආදර කතාවක් බව මා කිය යුතු ය. එසේම චන්දන මෙන්ඩිස් නම් වූ ලේඛකයාගේ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණය මෙය බව මා පවසිය යුතුම ය.

පහතින් දැක්වෙන්නේ එම පොතෙන් උපුටා ගත් කොටසකි.

".... ජීවිතේ ඉතිරි කාලේ ගත කරන්න ඔයා ලඟට එනවා කියලා, මං කවදාහරි කිව්වා ද ? ..... මට නම් මතක නෑ. "

"මතක නෑ ? ඒක හරි පුදුම කතාවක් නේ. මේ දළඳා වහන්සේ වැඩ ඉන්න දළඳා මාලිගාවෙදිමයි පොරොන්දු උනේ, මේ ආත්මේ විතරක් නෙමෙයි මතු ආත්ම වලදිත්.... !"

බොළඳ චාටු ආදර කතාවලින් මිදී වෙනස්ම ආරක ආදර කතාවක් රස විඳින්න මෙම පොත කියවන්න.



උපුටා ගැනීම - ගෙදර පුස්තකාලය

ජිවිතයට ගරෑ කරන්න [JEEWITHAYATA GARU KARANNA]

නම - ජිවිතයට ගරෑ කරන්න
ප්‍රකාශනය - විජේසූරිය පාඨක පදනම
කතෘ - සරත් විජේසූරිය 
මිල - රෑ. 350.00
ISBN - 978-955-662-018-4 

අඹු සැමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ ‍කෙසේද? එය කෙනෙකුගේ පැවැත්මේ වරදක්ද? දෙමාපියන්ගෙන් උරෑම වූ ජීවිතයද? අධ්‍යාපනයෙන් පිබිදීම - මිල මුදල් හරි හම්බ කිරීම හෝ වස්තුව උරෑමකර ගැනිම - කායිකාස්වාදය අත්කරගැනිම සැබැවින්ම ශක්තිමත් ජීවිතයක පදනමට වැදගත් වන්නේ කවරාකාරයෙන්ද?

......

......

......

......

මුල් කවරය


පසු කවරය